ඇන්ටාක්ටිකාවේ වූ දැවැන්ත ග්ලැසියරක් පිළිබඳ අධ්‍යයනය කිරීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව එක්ව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ත්වාටීන් ග්ලැසියරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, දෙරටේ විද්‍යාඥයන් පවසන්නේ මේ සඳහා වසර පහක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
එහිදී, මෙම දැවැන්ත ග්ලැසියරයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඔවුන් සොයාබලනු ඇති අතර, මෙම දැවැන්ත අයිස් කුට්ටිය ප්‍රමාණයෙන් බ්‍රිතාන්‍යයට සමාන වෙයි.
1990 වසරේ සිට සිදුවන මුහුදු මට්ටම් ඉහළ යෑම හේතුවෙන් මේ ආකාරයෙන් ග්ලැසියර දියවීම පිළිබඳ අධ්‍යයනය කිරීමට ලොව ප්‍රබල රටවල් අවධානය යොමුකර තිබේ.