ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් සිව්වැනි රජය පිහිටුවීම සඳහා සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
විරුද්ධ පක්ෂ සෝෂල් ඩිමොක්‍රට්ස් පක්ෂය ඇයට සහාය දක්වමින් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමග තවත් ඒකාබද්ධ රජයකට අවස්ථාව හිමිව තිබේ.
464,000කට අධික සාමාජිකයන් පිරිසක් ඡන්දය ලබාදීමත් සමග මාස පහකට අධික කාලයක් පැවති දේශපාලන අස්ථාවරත්වය පහව යමින් තිබේ.
කෙසේ වෙතත්, සෝෂල් ඩිමොක්‍රට්ස් පක්ෂයේ නායකත්වය ඒකාබද්ධ රජයට සහයෝගය දැක්වීමත් සමග එම පක්ෂයේ බෙදීමක් ඇතිව තිබේ.
ඇන්ජෙලා මාර්කල් වසර 12ක කාලයක් ජර්මනියේ චාන්සලර් ධුරය හෙබවීය.