එදාමෙදා තුර ලෝකයේ නිෂ්පාදිත ප්ලාස්ටික් ප්‍රමණය ටොන් බිලියන 8.3ක් ලෙස ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් ගණන් බලා තිබේ.
ඇදහිය නොහැකි තරමේ මෙම දැවැන්ත ප්ලාස්ටික් තොගය පසුගිය වසර 65ක කාලය තුළ නිෂ්පාදනය වීමද විශේෂත්වයකි.
මෙම ටොන් බිලියන 8.3ක බර ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර පිහිටි එම්පයර් ස්ටේට් මහල් ගොඩනැගිල්ල් ආදී ගොඩනැගිලි 25,000ක බරකට සමානය. නැත්නම්, හස්තීන් බිලියනයක බරට සමාන ය.
ප්ලාස්ටික් සම්බන්ධයෙන් වඩාත් අවදානම් තත්ත්වය නම්, ඇසුරුම් සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් ඉතා සුළු කාලයක් සඳහා ප්‍රයෝජනයට ගෙන ඉවත දැමීමයි.
දැනට ලෝකයේ නිෂ්පාදනය කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් 70%ක් පමණම ඉඩම් ගොඩකිරීම සඳහා යොදා ගැනෙන බවත්, එය පරිසරයට මෙන්ම, සාගරයට කර ඇති බලපෑම මෙතෙකැයි කියා කිව නොමැකි බවත් විද්‍යාඥයෝ පවසති.