ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියා ප්‍රාන්තයේ පිහිටි ඇට්ලන්ටා හාට්ස්ෆීල්ඩ්-ජැක්සන් ගුවන් තොටුපොළෙහි විදුලි බලය ඇණහිටීම නිසා ගුවන් යානා සිය ගණනක් අවලංගු කිරීමට සිදුවිය.
ඊයේ සිදුවූ මෙම විදුලි බලය ඇණහිටීම නිසා ගුවන් මගීන් දහස් ගණනකට ගුවන් තොටුපොළ තුළ කොටුවීමට සිදුවූ බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, අද උදෑසන වනවිට විදුලි බලය යළි යථාතත්ත්වයට පත්කිරීමට හැකි වුවත්, ගුවන් යානා යළි ගුවන්ගත වීම මන්දගාමී වී තිබුණි.
මීට හේතුව ගුවන් යානා සිය ගණනක් විදුලිය ඇණහිටීමත් සමග අවලංගු කර තිබූ නිසාය.
ලෝකයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළක් ලෙස සැලකෙන මෙම ගුවන් තොටුපොළෙහි දිනකට ගුවන් මගීන් 250,000ක් පමණ හසුරුවන අතර, ගුවන් ගමන් වාර 2,500ක් පමණ සිදුවෙයි.
කෙසේ වෙතත්, අද උදෑසන කාලයේදී එහි හසුරුවා තිබුණේ ගුවන් යානා 12කටත් අඩු ප්‍රමාණයකි.
ජෝර්ජියා විදුලි සමාගමේ භූගත බලාගාරයක සිදුවූ ගින්නක් විදුලි බලය අණහිටීමට හේතු වී ඇති බව කියයි.