ආසියාව පුරා ‘ස්මාට් ෆෝන්’ පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන දෙකහමාරක් බවට පත්ව ඇත.
ජංගම දුරකථන භාවිතය පිළිබඳ සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව, ආසියානුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වඩාත් වේගවත් වී ඇත.
ස්මාට් දුරකථන බහුලව භාවිත කරන රටක් ලෙස දකුණු කොරියාවේ ශිෂ්‍ය ප්‍රජාවෙන් 72% ක් සතුව දුරකථනයක් වෙයි.
එහිදී, වයස අවුරුදු 11 ත් 12 ත් අතර දකුණු කොරියානු සිසුන් දිනකට පැය 5කට වැඩි කාලයක් ජංගම දුරකථන සමග කාලය ගත කරන බවද අනාවරණය වී ඇති අතර, ඉන් 25%ක් පමණ දෙනා ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇති බවද ඔවුන් පවසා සිටියි.
මිලියන 06ක් වැනි කුඩා ජනගහනයක් සිටින සිංගප්පුරුවටද මෙය බරපතල ප්‍රශ්නයක් වී ඇති අතර, ජංගම දුරකථනය හරහා සමාජ ජාල වෙත පිවිසෙන්නන් ඉතා පහසුවෙන් මෙම ඇබ්බැහිවීම් හරහා නොයෙකුත් සමාජ අර්බුදවලට නතුවන බව එම සමීක්ෂණය පෙන්වාදී ඇත.