ආලෝපන සොරකම් කළ මැඩ්රිඩ් නායිකාව ඉවත්වේ


ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් පළාත් නායිකාව ලෙස කටයුතු කළ එරට පාලක පක්ෂ දේශපාලඥයෙකු වූ ක්‍රිස්ටිනා සිෆ්‍යුඑන්ටීස් සුපිරි වෙළෙඳ සැලකදී සිදුවූ හොරකමක් සම්බන්ධ වීඩියෝවක් ප්‍රසිද්ධ වීමත් සමග ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

2011 වසරේදී ඇය සුපිරි වෙළෙඳ සැලකින් ආලේපන බෝතල් දෙකක් සොරකම් කර හසුවීමෙන් පසුව, එම වෙළෙඳ සැලේ ආරක්ෂක අංශය විසින් ඇය පරීක්ෂා කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

තරුණ පෙනුම ලබාදෙන මෙම ආලෝපන බෝතල් දෙකෙහි එවකට මිල ඇ.ඩො.50ක් පමණ වූ බව කියැවෙයි.

53 වැනි වියෙහි පසුවන ඇය තමන් පෙනී සිටින ශාස්ත්‍රපති උපාධිය සඳහාද හොර අත්සන් දෙකක් යොදා ඇති බවට පසුගිය සතියේදී හෙළි වීමත් සමග ය සිය උපාධියද අත්හැර දමා ඇති බවද කියැවෙයි.

ස්පාඤ්ඤයේ පාලක පාර්ටීඩෝ පොපියුලර් හෙවත් මධ්‍ය දක්ෂිණාංශික පී.පී. පක්ෂයේ සුවිශේෂී චරිතයක් වූ ඇයට ඉල්ලා අස්වන ලෙස විරුද්ධ පක්ෂවලින් දැඩි විවේචනයක් එල්ල විය.

1_Madrid2



Recommended Articles