ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය රිචඩ් තලර් වෙත


ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වූ රිචඩ් තලර් මෙවර ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.

චිකාගෝ බූත් ව්‍යාපාර පාසලේ සේවය කරන මහාචාර්ය තලර්, ගෝලීය වශයෙන් ඉහළ අලෙවියක් ඇති Nudge සඟරාවේ රචකයෙකු ලෙසද කටයුතු කරයි.

මෙවර ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබාදෙමින් විනිශ්චය මණ්ඩලය පවසා සිටියේ ඔහුගේ විශේෂ ඉදිරිපත් කිරීම තුළ ලොව පුරා බොහෝ දෙනෙකුට ස්වයං විනයක් සහිතව ආර්ථික කාර්යයන් හි නිරත වීමට අවකාශය ලැබුණු බවයි.

මෙම ජයග්‍රහණයත් සමග ස්ටර්ලිං පවුම් 850,000ක මුදලක්ද ඔහු වෙත පිරිනැමීමට නියමිතය.

1_thalerreuters



Recommended Articles