ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙක්ට


ඇමෙරිකාවේ හාවඩ් සහ එම්අයිටී විශ්වවිද්‍යාලවල සේවය කළ ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙකු වෙත ආර්ථික විද්‍යාවේ ගිවිසුම් න්‍යාය ගොඩනැගීමට ලබාදුන් දායකත්වය වෙනුවෙන් මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ.

ආර්ථික විද්‍යාවේ ගිවිසුම් න්‍යාය හෙවත් contract theory ගොඩනැගීමට දායකත්වය ලබාදීම වෙනුවෙන් මෙසේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා ඇත්තේ බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ඔලිවර් හාර්ට් සහ පින්ලන්තයේ උපත ලැබූ බැන්ග්ට් හොම්ස්ට්‍රොම් යන ආර්ථික විද්‍යාඥයන් දෙදෙනාය.

එහිදී, ඇ.ඩො. දස ලක්ෂයකට ආසන්න මුදලක් මෙම විද්‍යාඥයන් දෙදෙනො වෙනුවෙන් මෙම ත්‍යාගය සඳහා සමසේ බෙදී යාමට නියමිතය.

ස්විට්සර්ලන්තයේ රෝයල් ඇකඩමි ඔෆ් සයන්ස් ආයතනය පෙන්වාදෙන පරිදි මොවුන් ලොවට දායාද කළ ගිවිසුම් න්‍යාය හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රතිපත්ති හා සැලසුම් නිර්මාණය කිරීමට අඩිතාලම සකසා ඇත.

 



Recommended Articles