ආමේනියානු අගමැති සහ මන්ත්‍රී විවාදයෙන් මන්ත්‍රී අත්අඩංගුවට


ආමේනියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක නිරත වූ විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ආමේනියානු අගමැති සෙර්සාහ් සර්ග්ස්යාන් සහ නිකොල් පාෂින්යාන් නමැති මෙම මන්ත්‍රීවරයා අතර රූපවාහිනී සංවාදයක් මෙම අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ.

එම සංවාදයේදී මන්ත්‍රීවරයා අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස පවසා ඇති අතර, එය තමාව බ්ලැක්මේල් කිරීමක් බව පවසමින් අගමැතිවරයා සංවාදයෙන් ඉවත්ව ගොස් ඇත.

ආමේනියානු විරුද්ධ පක්ෂය පවසන්නේ මෑතකදී සිදුවූ ව්‍යවස්ථා සංශෝධනය වත්මන් අගමැතිවරයාට තවදුරටත් බලයේ රැඳී සිටීමට සිදුකළ එකක් බවය. 

1_Armenia 2



Recommended Articles