ආගමික ගැටුම් උත්සන්න වූ මධ්‍යම අප්‍රිකානු ජනරජය


දිනෙන් දිනම උත්සන්න වන මුස්ලිම් - ක්‍රිස්තියානි ආගමික ගැටුම් හේතුවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජයෙන් සියලුම මුස්ලිම් ජනතාව පලා යන දිනය වැඩි ඈතක නොවන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බී.බී.සී.යට පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ගැටුම් හේතුවෙන් එරට ජීවත්වන මුස්ලිම් ජනතාව රට අතහැර යෑමෙන් තවත් අර්බුදයකට රට තල්ලු විය හැකි බවද පැවසෙයි. මන්දයත්, රටේ මුස්ලිම් ජනතාව පශු සම්පත් ඇතුළු බොහෝ ව්‍යාපාරවල හිමිකරුවන් වන බැවිනි.

නිරන්තරයෙන් සිදුවන පහරදීම ඉතා අමානුෂික මුහුණුවරක් ගෙන ඇති බව එරට සිටින විදෙස් මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. විශේෂයෙන්ම මිනිසුන් අමානුෂික ලෙස පහරදීම්, කඩු පිහිවලින් කැපීම්, හා පණ පිටින්ම පිළිස්සීම් වැනි සිදුවීම් රට තුළ බහුලව දැකිය හැකි බව කියැවෙයි.

පසුගිය වසරේ ආරම්භ වූ ආගමික ත්‍රස්තවාදය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානි භක්තිකයන් අතර බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා වඩාත් උච්චතම අවස්ථාවක් වෙත මේ වනවිට ගෙනගොස් ඇති බව නොරහසකි.



Recommended Articles