ආගම්වලට හරවා ගැනීමට මධ්‍ය ප්‍රදේශ් හිදී තිත වැටේ


ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය තුළ වෙනත් ආගම්වලට හරවා ගැනීමේ උත්සාහ කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම අරඹා තිබේ.

මේ යටතේ පසුගියදා නත්තල් කැරොල් ගී ගායනයක් යැයි පවසමින් හින්දූන් වෙනත් ආගම්වලට හරවා ගැනීමට උත්සාහ කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් අය අතර දේව ධර්මය ඉගැන්වෙන පාසලක මහාචාර්යවරයෙක් සහ තවත් අනුගාමිකයන් පිරිසක් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

තම ගම්මානයේ ජනතාව දේව ධර්මයට හරවා ගැනීමට උත්සාහ කළේ යැයි පවසමින් ගැමියෙකු පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව යමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් පිරිස පවසන්නේ තමන් කැරොල් ගීත ගායනා කිරීම සඳහා පමණක් එහි ගිය බවය.

1_Con



Recommended Articles