2017 වසරේ ලොව අවලස්සනම සුනඛයාට (World's Ugliest Dog) හිමි සම්මානය දිනාගැනීමට ඇමෙරිකාවේ මර්තා බැල්ල සමත්ව වී තිබේ.
කැලිෆෝනියා ප්‍රාන්තයේදී වසරක් පාසා පැවැත්වෙන තරගාවලියේ මෙවර පැවති 29 වැනි තරගයේදී තවත් අවලස්සන සුනඛයන් 13 දෙනෙකු පරයමින් ජයග්‍රහණය ලැබීමට නෙපොලීටන් මස්ටිස් වර්ගයේ මර්තා බැල්ල සමත්ව තිබේ.
ඒ අනුව, මර්තාට සහ ස්වාමි දියණිය වූ ෂර්ලි සින්ඩ්ලර් මහත්මියට මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇ.ඩො.1,500ක මුදලක් හිමිව ඇත.
කිසිවෙකු විසින් අත්හැර දමා සිටියදී, එටර සත්ව ආරක්ෂණ ආයතනයක් විසින් බේරාගනු ලැබූ මෙම බැල්ල දෙනෙත් අන්ධ වීමට ආසන්නව සිටි බවද කියැවෙයි. කෙසේ වෙතත්, පසුව සිදුකළ ශල්‍යකර්ම කිහිපයකින් පසුව ඌට යළි පෙනීම ලැබී තිබේ.
මේ ආකාරයෙන් අත්හැර දැමූ සුනඛයන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වමින් එම සතුන් හදාවඩා ගැනීමට ජනතාව උනන්දු කරවීමද මෙවැනි තරගයක් පැවැත්වීමේ එක් අරමුණක් බව ලොව අවලස්සනම සුනඛයා තේරීමේ තරගයේ සංවිධායකයෝ පවසති.
කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණයත් සමග මර්තා නිව්යෝක් නුවරදී මාධ්‍ය හමුවේ විශේෂ ඡායාරූප සැසියකටද මුහුණ දීමට සූදානමින් සිටියි.