අසාමාන්‍ය දැවැන්ත විදුලි බිල නිසා ඉන්දීය වෙළෙන්දා සියදිවි හානි කරගෙන


ඉන්දීයාවේ එළවළු වෙළෙන්ඳෙකුගේ විදුලි මීටරයේ වැරදි මනු කියවීමක් හේතුවෙන් ඇ.ඩො.13,000ක දැවැන්ත විදුලි බිලක් ඔහුට ලැබී, ඉන් සිත් තැවුලට හා බියට පත් එම වෙළෙන්ඳා සියදිවි හානි කරගෙන තිබේ.

ජගනාත් ෂෙල්කේ නැමති 36 හැවිරිදි මෙම පුද්ගලයා ලිපියක්ද ලියා සිය ජීවිතය හානි කරගෙන ඇති අතර, ඔහු එම ලිපියේ දක්වා ඇත්තේ විදුලි බිල බොහෝම වැඩියි යනුවෙනි.

කෙසේ වෙතත්, අවසාන නිගමනයේදී එම විදුලි බිලෙහි සැබෑ මිල ඇ.ඩො.41.6ක් තරම් මුදලක් බව අනාවරණය වී ඇත.

නමුත්, මෙම විදුලි බිල වැරදි බව පැවසීමට ඔහු අවස්ථා කිහිපයකදීම අදාළ විදුලි බලධාරීන් දැනුම්වත් කිරීමට උත්සාහ කළත් ඔවුන් ඔහුව නොසලකා හැරීම තුළ මෙම සියදිවි හානිකර ගැනීම සිදුව ඇති බවට පවුලේ ඥාතීහු චෝදනා කරති.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් විදුලි බලධාරීන්ට එල්ලවන දැඩි පීඩනය හමුවේ දශමයක වෙනසක් සහිතව මෙම මනු කියවීම සිදුකර ඇති සේවකයා සේවයෙන් පහර කර, වැරදි බිල්පත් සැකසූ පුද්ගලයා සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණයක් ඇරඹී තිබේ.

1_jagannath1



Recommended Articles