අසත්‍ය ප්‍රචාරයක් නිසා ද.ඉන්දියාවේ පුද්ගල මරණ 5ක්


ළමයින් පැහැර ගන්නා කණ්ඩායමක් පිළිබඳව සමාජ ජාල මාධ්‍ය හරහා පළ වූ අසත්‍ය වාර්තාවක් පදනම් කර ගනිමින් ජන කණ්ඩායම්වල පහරදීම නිසා දකුණු ඉන්දියාවේ මරණ 5ක් සිදුව තිබේ.

දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත තුනක් පුරා මෙම කණ්ඩායම ක්‍රියාත්මක වන බවට මෙම අසත්‍ය වාර්තාව ප්‍රචාරය වී ඇති අතර, එය ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව කියැවේ.

එහිදී, දැන්වීම් මාර්ගයෙන් මෙන්ම, ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගත් වාහනවල නැගී පොලීසිය ගමක් ගමක් පාසා මෙය අසත්‍ය ප්‍රචාරයක් බව කියමින් යන බවද කියැවේ.

මෙහිදී ඝාතනයට ලක්වූවන් අහිංසකයන් බව අනාවරණය වී ඇති අතර, ඔවුන් දෙමළ නොවන භාෂාවක් කතා කිරීම, යම් අසාමාන්‍ය හැසිරීමක් පෙන්වීම ආදී ලක්ෂණ ඔස්සේ සැකකර පහරදීම් සිදුකර ඇති බවද සඳහන් වේ.

1_S Indian



Recommended Articles