අවසන් ප්‍රංශ ජාතිකයා නිදහස ලබයි


ඉස්ලාමීය සටන්කාමීන් විසින් රඳවාගෙන සිටි අවසන් ප්‍රංශ ප්‍රාණ ඇපකරුවා වසර තුනකට පසුව නිදහස් කර ඇති බව ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්දේ පවසයි.

සර්ජ් ලසරෙවික් නමැති මොහු 2011 නොවැම්බර් මාසයේදී මාලි රාජ්‍යයේදී තවත් ප්‍රංශ ජාතිකයෙකු වූ ෆිලිපේ වෙර්ඩොන් සමග ඉස්ලාමීය සටන්කාමීන්ගේ අත්අඩංගුවට පත්විය.

කෙසේ වෙතත් මාලි රාජ්‍යයේ ප්‍රංශ අතපෙවීමත් සමග පසුගිය වසරේදී අන්තවාදීන් විසින් වෙර්ඩොන් මරා දමනලදී.

හොලන්දේ පවසන්නේ ඉස්ලාමීය සටන්කරුවන්ගෙන් බේරාගැනීම සඳහා තවත් ප්‍රංශ ජාතිකයන් නොමැති බවයි.

 



Recommended Articles