අලුත විවාහපත් බිරින්ඳෑවන්ට පිත්තක් තෑගි වශයෙන් හිමිවේ


ඉන්දියාවේ පැවති සමූහ විවාහ උත්සවයකදී ඒ සියලු මනාලියන්ට ලී පිත්තක් ත්‍යාගයක් වශයෙන් ලබාදී තිබුණේ, තම ස්වාමියා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණොත් එය පාවිච්චි කිරන්න යැයි කියමිනි.

'බේබද්දන්ට එරෙහිව පාවිච්චි කරන්න' යනුවෙන් සඳහන් කරමින් ඒ සියලු පිති ලබාදී තිබු අතර, මෙවැනි පිත්තක් අඟල් 15ක් පමණ දිගින් යුතු වන අතර, සාම්ප්‍රදායිකව රෙදි සේදුම් කාර්යය සඳහා ඉන්දියානුවෝ මෙවැනි පිති භාවිත කරති.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අමාත්‍යවරයෙකු වන ගෝපාල් භාර්ගාවා පවසා තිබුණේ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ප්‍රසිද්ධියේ කතාකිරීම සඳහා තමන් මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කළ බවයි.

ඒ අනුව, තම ස්වාමි පුරුෂයන් විවාහයෙන් පසුව සීමාව ඉක්මවා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නේ නම් රෙදිවල කුණු ඉවත්කිරීම සඳහා යොදා ගන්නා මෙවැනි පිති ඔවුන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීම සඳහා යොදාගත හැකි බව ඔහු කියයි.



Recommended Articles