අලිබබා ගෙවුණු කාර්තුවේ සියයට 61ක වර්ධනයක් ලබයි


චීනයේ ඊ-වාණිජ ව්‍යාපාරයේ දැවැන්ත සමාගමක් වන අලිබබා සමාගම පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී සිය ආදායම 61%කින් වර්ධනය කරගෙන තිබේ.

ඒ අනුව, ඊට පෙර වසර හා සැසඳීමේදී ඇ.ඩො.බිලියන 8.3ක ආදායම් වර්ධනයක් ලබාගැනීමට අලිබබා සමාගම සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, සිය සමාගමේ ආදායම් මෙම වසර තුළ තවදුරටත් ඉහළ යනු ඇති බවට එම සමාගම පුරෝකථනයක්ද සිදුකර තිබේ.

ඔවුන් මේ වනවිට සිය මූලික ව්‍යාපාරයේ සිට අන්තර්ජාලය තුළ සුපිරි වෙළෙඳ සැල් සහ දැවැන්ත අලෙවි සැල් ආයෝජනය වෙතද පිවිස සිටියි.

අලිබබා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් සැන්ග් පවසා සිටියේ අතිශය සුවිශේෂී කාර්තුවක අත්දැකීම ලැබීමට තම සමාගමට හැකි වූ බවයි.

ජැක් මා විසින් නිර්මාණය කළ අලිබබා යනු මේ වනවිට ලෝක වෙළෙඳ පොළ ජයගත් සුවිශේෂී සමාගමක් බවට පත්ව හමාරය.

1_jackma



Recommended Articles