අල්ලස් ගැනීමේ සිදුවීමක් මත බ්‍රසීල ජනපති මයිකල් ටර්මර් වෙත චෝදනා ගොනු කිරීමට බ්‍රසීල නීතිපතිවරයා කටයුතු කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බ්‍රසීලයේ මස් ඇහිරීම් සිදුකරන ප්‍රමුඛ සමාගමක ප්‍රධානියෙකුගෙන් ජනාධිපතිවරයා මෙසේ අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.
ඒ අනුව, මෙම සිද්ධිය එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කෙරෙන අතර, එහිදී අදාළ විනිසුරුවරයා විසින් මෙම නඩුව පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය දක්වා යොමු කරන්නේද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.
යම් ලෙසකින් එය පහළ මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කෙරුණේ නම් එම නඩුව විභාග කළ හැකිද යන්න පිළිබඳව ඔවුන් ඡන්ද විමසීමක් සිදුකිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.
එහිදී, ජනාධිපතිවරයාට සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සිදුවන බව බ්‍රසීල මාධ්‍ය පෙන්වා දෙයි.
පසුගිය වසරේදී බලයට පත්වීමෙන් පසුව විවිධ දෝෂාරෝපණ හමුවේ චෝදනා ලැබූ බ්‍රසීල ජනපති මයිකල් ටර්මර්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ ප්‍රථම අවස්ථාව මෙය බවද බ්‍රසීල මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටියි.