නිව්යෝක් හා ලන්ඩන් නගරවල දුම්රියවල බෝම්බ පිපිරවීමට සැලසුම් කළ අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පාකිස්ථානයේදී ඝාතනය කළ බව එරට ආරක්ෂක අංශ පවසයි.
අඩ්නන් එල් ෂුක්රිජුමාහ් යනුවෙන් හැඳින්වෙන මොහු ඊසානදිග පකිස්ථානය ආසන්න ඇෆ්ගන් දේශසීමා අසලදී මෙසේ ඝාතනයට ලක්ව තිබේ.
මේ අතර, එෆ්.බී.අයි සංවිධානය විසින් මෙම පුද්ගලයා හඳුන්වා ඇත්තේ අල්කයිඩා සංවිධානයේ ගෝලීය මෙහෙයුම් නායකයා ලෙසිනි.
මීට පෙර මෙම ධුරය හොබවා ඇත්තේ 9/11 වන සිදුවීමට සම්බන්ධ ඛලීඩ් ෂෙයික් මොහොමඩ් නැමැත්තාය.
සෞදි අරාබියේ උපත ලබා ඇති ෂුක්රිජුමාහ් වසර කිහිපයක් ඇමෙරිකාවේද ගත කර ඇති අයෙකු බව හඳුනාගෙන තිබේ.