අයිස්ලන්ත බර්ඩාර්බුංගා ගිනිකන්දෙන් රතු නිවේදනයක්


බර්ඩාර්බුංගා ගිනිකන්ද විදාරණය වීමේ අවදානමත් සමග දැවැන්ත දුම් වලාවන්ගෙන් අහස් කුස වැසී යා හැකි නිසා අයිස්ලන්තය විසින් ගුවන් සේවා ආයතන වෙත රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අයිස්ලන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ දැනටමත් අභ්‍යන්තර පිපිරීම් කිහිපයක්ම සිදුව ඇති බවයි.

ඒ අනුව, මෙම කලාපය ආශ්‍රිත ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කර තිබුණත්, අයිස්ලන්තයේ සියලුම ගුවන් තොටුපළ කාර්යයන් නිසි පරිදි සිදුකෙරෙන බව පැවසෙයි.

අයිස්ලන්තයටම අයත් අයිජාෆ්ජාල්ලාජෝකුල් ගිනිකන්ද 2010 වසරේදී විදාරණය වීමෙන් ඇතිවූ දුම් වළාව ගුවන් ගමන්වලට දැඩි බලපෑමක් සිදු කළේය.

මේ ආකාරයෙන් රතු නිවේදනයක් නිකුත් කිරීම යනු ගිනි කන්ද විදාරණය වීම සම්බන්ධයෙන් දෙනු ලබන ඉහළම අනතුරු ඇඟවීම ලෙස පැවසෙයි.



Recommended Articles