අයර්ලන්තය ගබ්සා නීති ලිහිල් කිරීමට ඡන්දය දීලා


අයර්ලන්තයේ ගබ්සා නීති ලිහිල් කිරීම සඳහා පැවති ජනමතවිචාරණයේ ඡන්ද ප්‍රකාශ කිරිමෙන් පසු සිදුකළ මත විමසුමට අනුව 69%ක ප්‍රතිශතයක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව පවසයි.

අයිරිෂ් ටයිම්ස් සහ ආර්.ටී.ඊ විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණු අතර, අයර්ලන්තයේ වත්මන් අගමැති ලිඕ වරාඩ්කර් ද මෙම සංශෝධන කෙරෙහි සහාය දක්වා තිබුණි.

ඔහු සඳහන් කර තිබුණේ මෙය අයර්ලන්තයේ ඉතිහාසය වෙනස් කරන ජනමත විචාරණයක් බවයි.

ඊයේ (25දා) සිකුරාදා පැවති ජනමතවිචාරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පෙ.ව.9.00ට ආරම්භ වී තිබුණු අතර, එහිදී 69.4%ක් ඔව් යනුවෙන් ඊට සහාය දක්වමින්ද, 30.6%ක් නැත යනුවෙන් ඊට විරුද්ධවද මත ප්‍රකාශ කර ඇති බව එම සමීක්ෂණ ප්‍රතිඵලවල සඳහන් විය.

එමෙන්ම, මීට විරුද්ධව ක්‍රියාකළ පාර්ශ්වය දැඩිව කියා සිටියේ මෙම නීති ලිහිල් කිරීමට අනුබල දීමෙන් මනුෂ්‍ය ඝාතනයකට සහාය දැක්වීමක් සිදුකරන බවයි.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් මහා බ්‍රිතාන්‍යයේ ගබ්සා නීති තරමක් හෝ දැඩි ස්වරූපයක් ගත් අයර්ලන්තයද මේ හරහා යළිත් ගබ්සාව නීතිගත කරන තත්ත්වයට පත්කරමින් සිටින්නේ එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම, වඩාත් ගෞරවාන්විත අවස්ථාවක් හිමි කරදෙන ක්‍රියාවක් බව පවසමිනි.

1_repeal1 2



Recommended Articles