අයර්ලන්තයේ ගබ්සා තහනම වැඩි ඡන්දයෙන් පරාජය වෙයි


ගබ්සාව තහනමට ලක්කරමින් අයර්ලන්තයේ පැවති නීතිය වැඩි ඡන්දයෙන් පරාජයට පත්කිරීමට ගබ්සාව නීතිගත කිරීම සඳහා පැවති ජනමත විචාරණයේදී හැකිවී තිබේ.

අයර්ලන්ත ජනරජය තුළ පැවති මෙම ඡන්ද විමසීමේදී ගබ්සා තහනම ඉවත්කිරීම සඳහා 66.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුණු අතර, එය තවදුරටත් පැවතිය යුතු බවට ලැබී තිබුණේ 33.6%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

මේ දක්වා අයර්ලන්තය තුළ ගබ්සාවක් සිදුකළ හැකිව තිබුණේ ගැබ්ගෙන ඇති කාන්තාවගේ ජීවිතය අනතුරේ හෙළී ඇති අවස්ථාවකදී පමණි.

නමුත්, කාන්තාවක් දූෂණයට ලක්වූ විට හෝ අසාමාන්‍ය ගැබ් ගැනීමකදී ගබ්සාවක් සිදුකිරීමට නීතියෙන් අවසරයක් නොතිබුණි.

කෙසේ වෙතත්, ජනමත විචාරණයෙන් බලය ලැබෙන අට වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග ගබ්සාවක් සිදුකිරීමට පැවති බාධා ඉවත්ව ගොස් ඇති බව කියැවේ.

එහිදී, මෙම ජනමතවිචාරණයේදී සියලුම ඡන්ද කොට්ඨාස පාහේ මීට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළත්, ඩන්ගාල් ඡන්ද කොට්ඨාසය මෙම තහනම ඉවත් නොකළ යුතු බව සිය ඡන්ද ප්‍රතිඵලයෙන් තහවුරු කර තිබුණි.

මහා බ්‍රිතාන්‍යය තුළ ගබ්සා නීති තරමක් හෝ දැඩි ස්වරූපයක් ගත් අයර්ලන්තයද මේ හරහා යළිත් ගබ්සාව නීතිගත කරන තත්ත්වයට පත්කරමින් සිටින්නේ එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම, වඩාත් ගෞරවාන්විත අවස්ථාවක් හිමි කරදෙන ක්‍රියාවක් බව පවසමිනි.

1_Iarland 2 3



Recommended Articles