තම දරුවන් පස් දෙනෙකු ඝාතනය කිරීමත්, පසුව ඔවුන්ගේ සිරුරු තවත් ප්‍රාන්තයකට වීසිකර දමායෑමත් යන චෝදනා ඇමෙරිකානු පියෙකුට එරෙහිව ගොනුව තිබේ.
දකුණු කැරොලීනා ප්‍රාන්තයේ දිවි ගෙවන තිමොති රේ ජෝන්ස් නමැති මෙම පුද්ගලයාට එරෙහිව බහු චෝදනා ගොනුවෙනු ඇති බව එරටින් වාර්තා වෙයි.
පසුගිය සෙනසුරාදා ඔහු මිසිසිපි හිදි අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහුගේ දරුවන් පස් දෙනා අවුරුදු එකේ සිට අවුරුදු 8 දක්වා වයස් සීමාවන්ගේ පසුවූවන් බව කියැවෙයි.
පොලීසිය විසින් දරුවන්ගේ සිරුරු ඇලබාමා අධිවේගී මාර්ගය ආසන්නයේ වලදමා තිබියදී සොයාගෙන ඇත.