අමුතු මුහුදු මාළු ගොඩගැසීම භූකම්පනයක පෙරනිමිතිද?


ගැඹුරු මුහුදු පතුලේ ජීවත් වන සර්පයෙකුගේ පෙනුම ගත් විශාල හබල් මත්ස්‍යයන් තිදෙනෙකු පිලිපීන වෙරළට ගොඩගැසීමත් සමග දරුණු භූ කම්පන බියක් ඇති වී තිබේ.

සාමාන්‍යයෙන් මෙම මත්ස්‍යයන් දිගින් අඩි 56ක් දක්වා වැඩෙන බවත්, සාමාන්‍යයෙන් අඩි 200 - 1000ත් අතර ගැඹුරු මුහුදේ මෙම මසුන් ජීවත් වන බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 8 වැනිදා සිට මෙවැනි මත්ස්‍යයන් තිදෙනෙකු පිලිපීනයේ, මින්ඩානෝ දූපතේ උතුරුදිග වෙරළ තීරයේදී හමුවී තිබේ.

මෙම සතුන්ගෙන් දිගම මත්ස්‍යයා සෙනසුරාදා දිනයේදී හමුවී තිබුණේ කගායන් ඩි ඕරෝ දූපත වෙරළ නගරය ආශ්‍රිතවය. එම මත්ස්‍යයා දිගින් අඩි 15ක් පමණ වූ බවත්, වෙරළට ගොඩගැසීමෙන් පසුව මිය යන්නට ඇති බවත් විශ්වාස කෙරෙයි.

මෙවැනි මසුන් ගොඩගසා තිබූ අවස්ථාවක රික්ටර් පරිමාණ 6.7ක භූ කම්පනයක් පිලිපීනයේ මෙම දූපත් ආශ්‍රිතව ඇතිවීමෙන් පසුව, මෙම මසුන්ගේ ගොඩගැසීමත් භූ කම්පනයක පෙරනිමිත්තක් බව එම වැසියෝ විශ්වාස කරති.



Recommended Articles