අභ්‍යවකාශ රේඩාර් මෙහෙයුමකට ඔස්ට්‍රේලියාව පිවිසෙයි


බ්‍රිතාන්‍යයේ කුඩා රේඩාර් සැටලයින් මෙහෙයුමක් වන NovaSAR හි තෙවැනි පාර්ශ්වකරුවා වීමට ඔස්ට්‍රේලියාව සූදානම් වෙයි.

ඒ අනුව, ඔස්ට්‍රේලියාව විසින් අභ්‍යවකාශ යානයක් ගුවන් ගත කිරීමට නියමිත අතර, මෙය අභ්‍යවකාශයේ රැඳෙමින් නෞකා ගමන් මාර්ග හා වනාන්තරවල සිදුවන වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කරනු ඇති බව කියැවෙයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය වන CSIRO මෙය ක්‍රියාත්මක කරන අතර, ඔවුන් NovaSAR මෙහෙයුමෙහි 10%ක දත්තවල අයිතියට අත්සන් තබා තිබේ.

ඔස්ට්‍රේලියාව විසින් අභ්‍යවකාශගත කරන මෙම යානය ලබන වසරේ ජනවාරි මාසයේදී අභ්‍යවකාශ ගත කෙරෙනු ඇති බව කියැවෙයි.

1_Space

 



Recommended Articles