ඇමෙරිකානු ගගනගාමී ස්කොට් කෙලී සහ රුසියානු අභ්‍යවකාශගාමී මික්හෙයිල් කොර්නිඑන්කෝ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 12ක දීර්ඝතම රැඳී සිටීම ඇරඹීය.
එදාමෙදා තුර පෘථිවියෙන් කිලෝ මීටර් 400ක් ඉහළ අභ්‍යකාශයේ රැඳී ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙතරම් දීර්ඝ කාලයක් රැඳී සිටීමක් ගැන වාර්තා නොවෙයි.
ඔවුන් රැගත් රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වී ඇති බව නාසා ආයතනය පවසයි.
ඔවුන්ගේ මෙම සංචාරයත් සමග වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමේදී මනුෂ්‍ය ශරීරයේ ඇතිවන වෙනස්කම් පිළිබඳවද ඔවුන් දෙදෙනා ඇසුරෙන් තොරතුරු ලබාගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
එකී දත්ත නාසා සැලසම් කරමින් සිටින මිනිසුන් සහිත අඟහරු ගමන සඳහා වඩාත් ඉවහල් වනු ඇති බවද කියැවෙයි.