අභ්‍යවකාශ ගමන්වලටත් ඇමෙරිකා-රුසියා විරසකය බලපායි


ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා හි ගගනගාමින් අභ්‍යවකාශය වෙත ගෙන යෑම සඳහා සමාගම් කිහිපයක් තෝරාගෙන ඇති බව පැවසෙයි.

ඒ අනුව, බෝයිං සහ ස්පේස් එක්ස් යන සමාගම් වෙත ඇ.ඩො.බිලියන 6.2ක ප්‍රදානයක් කරමින් ගගනගාමීන් සඳහා නව කැප්සියුලයක් සැලසුම් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදී තිබේ.

2011 වසරේදී නාසා අභ්‍යවකාශ ෂටලයන් විශ්‍රාම යෑමෙන් පසු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත තම ගගනගාමීන් ගෙන යෑමට ඇමෙරිකාව විසින් රුසියාව සහ ඔවුන්ගේ සෝයූස් ෂටල යොදා ගත්තේය.

රුසියාව විසින් යුක්රේනයේ සිදුකරන ක්‍රියාකාරකම්වලට එරෙහිව ඇමෙරිකාව රුසියාව වෙත සම්බාධක පනවන පසුබිමක සෝයූස් ෂටල යොදාගැනීමට ඔවුන්ට නොහැකි වීම මෙම නව පියවරට හේතුව බව විශ්ලේෂකයෝ පවසති.

පුද්ගලයන් හත් දෙනෙකුට ගමන් කළ හැකි බෝයිං හා ස්පේස් එක්ස් අභ්‍යවකාශ ෂටල 2017දී ගමන් ඇරඹිය යුතු බව කියැවෙයි.



Recommended Articles