ලොව පුරා මාතෘ හා ළදරු මරණවලට හේතුව ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම්, පිරිසුදු ජලය හා දරු උපතේදී ක්‍රමවත් සෞඛ්‍ය පහසුකම් නොමැති වීම යන කාරණා හේතුවෙන් බව සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.
මාතෘ හා ළදරු මරණ අවම කරමින් අලුත උපන් දරුවන්ගේ සෞඛ්‍ය නැංවීමට නම් මෙම පහසුකම් පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද කියැවෙයි.
PLOS ජර්නලය මගින් මෙම වාර්තාවන් දක්වා ඇති අතර, වෝටර් එයිඩ්, සනීපාරක්ෂාව පිළිබඳ ලන්ඩන් විද්‍යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ගෝලීය සෞඛ්‍ය අංශ රැසක් මෙම වාර්තාවට දායකත්වය සපයා තිබේ.