අප්‍රිකානු සංගමයේ හමුදාව සෝමාලි කතුන් දූෂණයට ලක්කරලා


සෝමාලියාවේ මොගඩිෂු අගනුවර අප්‍රිකානු සංගමයේ හමුදා මූලස්ථානය වෙත පැමිණෙන කාන්තාවන් හා ගැහැණු දරුවන් එම හමුදා සාමාජිකයන් අතින් දූෂණයට ලක්වන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

මෙම හමුදාවන් ඔවුන්ගේ බලය අයුතු ලෙස යොදාගනිමින් ගැටුම් හා දරිද්‍රතාවය හේතුවෙන් පළායන කාන්තාවන් මෙසේ හිංසනයනයට ලක්කරන බව පැවසෙයි.

වයස අවුරුදු 15ක මුස්ලිම් දැරියක පවසා සිටියේ තමන් දූෂණයට ලක්වීමට පෙර හමුදාවේ අත්අඩංගුවේ විලංගු ලා සිටි බවයි.

සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සමග සටන් කිරීම වෙනුවෙන් අප්‍රිකානු සංගමයේ හමුදා සාමාජිකයන් 22,000ක් පමණ මේ වනවිට එරට සිටියි.

 



Recommended Articles