2002 වසරේදී ලිංගික අපයෝජන චෝදනාවක් හේතුවෙන් බොස්ටන් හි නායක බිෂොප් ධුරයෙන් පහ කළ බර්නාඩ් ලෝව් කාදිනල්වරයා අවුරුදු 86ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම කාදිනල්වරයාට එරෙහිව අපයෝජන චෝදනා රැසක් එල්ල වූ අතර, පසුව බොස්ටන් අත්හැර 2011 වසර දක්වා හෙතෙම වතිකානුවේ රැඳී සිට තිබුණි.
රෝමානු කතෝලික පල්ලිය තුළින් ළමා අපචාර සිදුවීම් වළක්වා ගනිමින් පල්ලියේ කීර්තිනාමය රඳවා ගැනීම සඳහා කටයුතු කිරීමට මෙම සිදුවීමද මූලික සිදුවීමක් විය.
විශේෂයෙන්ම අපයෝජන සිද්ධීන් 500ක් පමණ සඳහා වන්දි මුදල් ගෙවමින් නීතිමය එකඟතාවන්ට පැමිණීම සඳහා ඉඩම් සහ ගොඩනැගිලි විකිණීමටද සිදුව තිබූ බව විදෙස් වාර්තා පවසයි.