උතුරුදිග නයිජීරියාවේ කානෝ නගරයේ දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම නගරයේ ක්‍රිස්තියානි ජනතාව වැඩිපුර ගැවසෙන සබොන් ගාරි ප්‍රදේශයේදී මෙම මරාගෙන මැරෙන කාර් බෝම්බය පුපුරවා හැර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
එම බෝම්බ පිපිරීම කොතරම් ප්‍රබලද යත් එහි හඬ සැතපුම් කිහිපයක් දුර ගිගුම් දුන් බවද කියැවෙයි.
උතුරුදිග නයිජීරියාවේ මර්මස්ථාන ඉලක්ක කරමින් මෙසේ ප්‍රහාර එල්ල කිරීම බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තයන් විසින් සිදුකරන බව විශ්වාස කෙරෙයි.
මීට පෙර පසුගිය මාර්තු මාසයේදී ඔවුන් විසින් කානෝ බස් නැවතුම් පොළකට එල්ල කරන ලද මරාගෙන මැරෙන කාර් බෝම්බයක් හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
පසුගිය මාසයේදී පාසල් සිසුන් 200කට වැඩි පිරිසක් පැහැරගැනීම නිසා නයිජීරියාවේ මෙන්ම සෙසු රටවලද උදහසට ලක්ව සිටින බොකෝ හරම් ත්‍රස්තයන්ට එරෙහිව මේ වනවිට අප්‍රිකානු රටවල් කිහිපයක් එකතුව යුද ප්‍රකාශ කර තිබේ.