තමා නැවත වරක් බලයට පත්කර ගැනීමෙන් ඡන්ද දායකයන් විසින් අන්තවාදය ප්‍රතික්ෂේප කර ඇති බවත්, වැඩි දෙනා බාහිර ලෝකය සමග සබඳතා පැවැත්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ඉරාන ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් බලයට පැමිණි හස්සන් රොයුහානි පැවසීය.
ප්‍රකාශිත ඡන්ද සලකා බැලීමේදී හස්සන් රොයුහානි 57% ක ඡන්ද බලයක් හිමි කරගෙන තිබූ අතර, මෙම ජයග්‍රහනයෙන් පසුව විරුද්ධ දේශපාලඥයන් විසින් සිදුකරන විවේචනවලට තමා ගරු කරන බවද හෙතෙම පවසා සිටියේය.
හස්සන් රොයුහානි සිය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා පරදවමින් පහසු ජයග්‍රහණයක් අත්කර ගත් අතර, යම් ලෙසකින් එක් ප්‍රධාන අපේක්ෂකයෙකු 50% සීමාවට නොපැමිණියහොත් දෙවැනි වටයක් සඳහා යෑමට සිදුවීම ඉරාන මැතිවරණ නීතියේ ප්‍රකාශිතය.
මෙම මැතිවරණයෙන් පරාජිත ප්‍රධාන අපේක්ෂකයා වූ ඊබ්‍රාහිම් රයිසි චෝදනා කර සිටියේ මැතිවරණයේදී යම් දූෂණ හා අක්‍රමිකතා සිදුවූ බවයි.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත ජයග්‍රහනය ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා රොයුහානි පාලනය ලද විශාල අවස්ථාවක් බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙවර ඉරාන ජනාදිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ලියාදිංචි ඡන්ද දායකයන්ගෙන් 70% ක් පමණ වී තිබුණි.