මධ්‍යධරණී මුහුද තරණය කිරීමට ගිය අනවසර සංක්‍රමණිකයන් 3,000කට වැඩි පිරිසක් මේ වසරේ මේ වනවිට දියේ ගිලී හෝ වෙනත් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
එම සංවිධානය විසින් පළ කළ නවතම වාර්තාවක මෙම තොරතුරු දැක්වෙන අතර, ඒ අනුව, මේ දක්වා මියගිය පිරිස 3,072ක් බව කියැවෙයි.
මෙසේ පැමිණි වැඩි පිරිසක් අනවසරයෙන් යුරෝපයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් අනාරක්ෂිත ගමනක පැමිණි අය වෙති.
එමෙන්ම, 2011 වසරේ පැවති වාර්තාගත අගයට වඩා මෙවර අගය දෙගුණයකින් වැඩිවීම තුළ මෙම වසර ඉතිහාසගත ලෙස සංක්‍රමණික මරණ වැඩිවන වසරක් බවට පත්වනු ඇති බවද පැවසෙයි.
එමෙන්ම, ලොව පුරා මෙසේ අනවසර සංක්‍රමණ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 4,077ක් වන අතර, එහිදී, යුරෝපා කලාපයේ 75% ක ප්‍රතිශතයක් දරයි.