ඇමෙරිකාවේ මාර්ගයක් අසලදී කාන්තාවකට පොලීසිය එකතුව දැඩි පහරදීමක් සිදුකරන වීඩියෝවක් පසුගිය ජූලි මාසයේදී යූටියුබ් අඩවිය තුළ ආන්දෝලනයක් ඇති කළේය.
කෙසේ වෙතත්, මෙසේ පොලීසියෙන් පහරකෑමට ලක්වූ මෙම ඇමෙරිකානු ජාතික කාන්තාවට ඇ.ඩො.මිලියන 1.5ක වන්දියක් ගෙවීමට නියම වී ඇති බව පැවසෙයි.
මැර්ලීන් පින්කොක් නමැති මෙම කාන්තාවගේ මුහුණට හා ඔළුවට එක දිගට ප්රහාර එල්ල කළ පොලිස් නිලධාරීන්ගේ ක්රියාව වීඩියෝ ගත කර තිබුනේ ඒ අසලින් මෝටර් රථයක ගිය පිරිසකි.
ලොන් ඇන්ජලීස් නීතිවේදීන් සමග පැය 9ක දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙම වන්දිය ගෙවා සිදුවීම සමතයකට පත්කිරීමට අවසානයේදී දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.