පිළිකා ප්‍රතිකාර සම්බන්ධයෙන් වඩාත් කතාබහට ලක්වූ ඔස්ට්‍රේලියානු නඩුවක ප්‍රධාන භූමිකාව සැපයූ වයස අවුරුදු 06ක දරුවා සිය ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔෂින් කිසාකෝ නමැති මෙම දරුවාගේ මොළවේ වූ පිළිකාවට රසායනික චිකිත්සාවන් හා විකිරණ චිකිත්සාවන් සිදුකළ යුතු බව වෛද්‍යවරු තරයේ පවසා තිබුණි.
කෙසේ වෙතත්, මෙම දරුවන්ගේ දෙමවුපියන් වන ඇන්ජෙලා කිසාකෝ සහ ඇඩ්‍රියන් ස්ට්‍රැචන් මෙම ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්නට වූයේ ඉන් දරුවාට බලවත් අතුරු ආබාධ ඇතිවිය හැකි බව පවසමිනි.
කෙසේ වෙතත්, මෙය පසුව අධිකරණය වෙත යොමුකෙරුණු අතර, මාර්තු මාසයේ සිට දරුවාට රසායනික චිකිත්සාවන් කළ යුතු බව අධිකරණය නියම කළේය.
කෙසේ වෙතත්, මෙම දරුවා බදාදා උදෑසන සිය දිවියෙන් සමුගත් බව ඔහුගේ මෑණියන් මාධ්‍ය වෙත පවසා තිබුණි.