අතුරුදන් ස්වීඩන් මාධ්‍යවේදිනියගේ හිස හමුවෙයි


මීට මාස දෙකකට පමණ පෙර අතුරුදන් වූ ස්වීඩන් ජාතික මාධ්‍යවේදිනී කිම් වෝල්ගේ හිස සොයා ගැනීමට හැකි වූ බව ඩෙන්මාර්ක පොලීසිය පවසයි.

ඩෙන්මාර්ක ජාතික කිමිදුම්කරුවෙකු සමග සංචාරයක නිරතව සිටියදී ඇය අතුරුදන් වූ අතර, ඇයගේ හිස, පාද සහ තවත් ඇඳුම් කිහිපයක් දැමූ ගමන් මල්ලක් පොලීසිය වෙත හමුවී තිබේ.

කෝපන්හේගන් නගරයට දකුණුදිගින් වූ කොගේ කලපුවේ තිබී මෙම සොයා ගැනීම සිදුවූ බව පොලිස් පරීක්ෂක ජෙන්ස් මොලර් පවසයි.

මීට දින 11කට පෙර ඇයගේ ශරීරයේ ඉතිරි කොටස් හමුවූ ස්ථානයට ආසන්නයේදීම මෙම ගමන් මල්ලද සොයාගෙන ඇති අතර, ඇය කිමිදුම්කරු පීඩර් මෑඩ්සන්ගේ සබ්මැරීනය වෙත ගොඩවී ඇත්තේද මේ ආසන්නයේදීය.

කෙසේ වෙතත්, මෑඩ්සන් ඇය ඝාතනය නොකළ බවත්, ඇගේ සිරුරේ අත්පා කපා මළ සිරුරු තැන තැන දැමීමටවත් තමන්ගේ කිසිදු සම්න්ධයක් නොමැති බවත් ඔහු පොලීසිය වෙත පවසා තිබේ.

මෙම බෑගය කලපුවට දමා එය දිය මතුපිටට පැමිණීම වැළැක්වීම සඳහා යකඩ බරක්ද එහි එල්ලා තිබූ බවද පොලීසිය පවසයි.

මෑඩ්සන්ගේ සබ්මැරීනයේම නැගී ඔහුගේ සොයාගැනීම් පිළිබඳව ඇය විසින් සම්පාදනය කරන විශේෂ ලිපියට කරුණු සෙවීම සඳහා ඇය මෙම ගමනට සහභාගී වී තිබුණත්, 30 හැවිරිදි කිම් වෝල් යළි නොපැමිණි බව ඇයගේ පෙම්වතා පොලීසිය වෙත පවසා තිබුණි.

1_sub-composite2



Recommended Articles