අත්අඩංගුවට ගත් මත්පැන් මීයන් පානය කරලාලු


අත්අඩංගුවට ගෙන රාජසන්ත කරනලද මත්පැන් ලීටර් දහස් ගණනක් මීයන් විසින් පානය කර ඇති බව ඉන්දීය බිහාර් ප්‍රාන්ත පොලීසිය පවසයි.

පසුගිය වසරේදී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය තුළ මත්පැන් අලෙවිය හා පරිභෝජනය තහනම් කළ අතර, අනතුරුව පොලීසිය විසින් මත්පැන් ලීටර් 900,000කට වැඩි ප්‍රමාණක් අත්අඩංගුවට ගනිමින් රාජසන්තක කළේය.

පට්නා පොලීසියේ උසස් නිලධාරියෙකු පවසා සිටියේ තම කණිෂ්ඨ පොලිස් නිලධාරීන් වාර්තා කරන ආකාරයට එසේ අත්අඩංගුවට ගත් මත්පැන්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මීයන් විසින් පරිභෝජනය කර ඇති බවයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරඹීමට පොලීසිය වෙත නියෝගයක්ද නිකුත් කර තිබුණත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇතිවී තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

බිහාර් ප්‍රාන්තය තුළ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, කලකෝලාහල මෙන්ම දුප්පත්කම දුරලීම වෙනුවෙන් ප්‍රාන්තයේ මහ ඇමතිනී නිටිෂ් කුමාර් විසින් ප්‍රාන්තය තුළ මත්පැන් පරිභෝජනය පතහනම් කරන ලදී.



Recommended Articles