අජාසත් පුතෙකු සොයා ඇමෙරිකාවේ මෙහෙයුම්


ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විසින් සිය දෙමවුපියන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජේම්ස් එරික් ඩේවිස් ජූනියර් නැමති මෙම සිසුවා නින්දේ සිට මවට හා පියාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි ඔහු දෙමවුපියන් විසින් වෛද්‍යවරයෙකු වෙත යොමුකළ දිනට පසු දිනයේදීය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති මව 47 හැවිරිදි ඩිවා ඩේවිස් වන අතර, පියා 48 හැවිරිදි එරික් ඩේවිස් ලෙස හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙම සැකකරු සොයා ප්‍රදේශය පුරා පොලිස් මෙහෙයුම් අරඹා ඇති බව මිචිගන් පොලීසිය පවසයි.

සෙන්ට්‍රල් මිචිගන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා නිවාඩුවට ගෙදර රැගෙන යාම සඳහා දෙමවුපියන් පැමිණ සිට ඇති අතර, ඒ අතරතුර ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරද ලබාදී තිබූ බව සඳහන් විය.

ඔවුන් තාවකාලිකව රැඳී සිටි විශ්වවිද්‍යාලයට අයත් කැම්ප්බෙල් ශාලාවේ සිව්වැනි මහලේ ඔවුන් නිදා සිටි කාමරයට පැමිණ මේ ආකාරයෙන් වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

චිකාගෝවේ පදිංචි මෙම පවුලේ පියා පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා තුරු ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙස පොලීසිය දන්වා තිබේ.

1_US Student  3



Recommended Articles