වසරේ හොඳම නළුවා ලෙස තණ්හා රතී රඟා චිත්‍රපටයේ සරත් කොතලාවලද වසරේ හොඳම නිළිය ලෙස බොරදිය පොකුණ චිත්‍රපටයේ කෞෂල්‍යා ප්‍රනාන්දුද සම්මාන හිමිකර ගනිමින් හිරු ගොල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය ඊයේ (11දා) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී නිමාවිය.
2014 හා 2015 වසරේ තිරගත වූ චිත්‍රපට 40ට හා එම කාලසිමාවේ නිශ්පාදය කළ කෙටි චිත්‍රපට 100ක් අතරින් තෝරාගත් නිර්මාණ වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමිය.
හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටයේ ප්‍රසන්න විතානගේ සම්මාන දිනාගත්තේය. මෙම උළෙල සඳහා ඉන්දීය බොලිවුඩ් නළු නිළියන්ද එක්වූහ.