හින්දි ගීතයේ අර්ථය ඉංග්‍රීසියෙන් ගයන අර්ජුන්


අති ජනප්‍රිය 'RYAN SEACREST' තරගයේදී ශ්‍රී ලංකාවට නෑකම් කියන අර්ජුන් නැමති ජනප්‍රිය ගායකයාට දෙවැනි ස්ථානය හිමිවිය.  තම ජයග්‍රහණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ රසිකයන්ට අරජුන් සිය 'ට්විටර්' ගිණුම හරහා සුබ පැතූ අතර එහිදී ශ්‍රී ලාංකිකයන් අමතක නොකිරීමටද ඔහු කටයුතු කළේ තමා ශ්‍රී ලංකාවටද සම්බන්ධ පුද්ගලයෙකු වූ හෙයිනි. මේ ඔහු පිළිබඳ තබනා කෙටි සටහනකි.

අර්ජුන්ගේ සම්පූර්ණ නම අර්ජුන් කුමරස්වාමිය. ඔහුගේ ජනප්‍රියත්ව හේතුව වන්නේ බොලිවුඩ් චිත්‍රපට ගීත ඉංග්‍රීසි භාෂාවෙන් නැවත ගායනා කිරීමයි.ශ්‍රී ලංකාවේ උපන් අර්ජුන් වසය අවුරැදු 4දී එංගලන්තයට සංක්‍රමණයවන ලදී. 2011 දී සංගීත ක්ෂේත්‍රය වෙනස් මානයකට ලක්කරමින්  'Why this Kolaveri Di' ගීතය R&B සංගීත මාදිලියෙන් ගායනය කිරීම හරහා අර්ජුන් ලොව පුරා ප්‍රසිද්ධියට  පත්විය.. මෙම ගීතය Youtubeහි මිලියන 8කට අධික සංඛ්‍යාවක් නරඹා ඇත.  2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවැති ICC world cup T20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් තේමා ගීයද ගායනා කරනු ලබන්නේ අර්ජුන් විසිනි. එම තේමා ගීතය වෙනුවෙන් 'GrammyAward' හිදී සම්මානයටද පාත්‍රවිය.

Fact Box

නම - අර්ජුන් කූමරස්වාමි

උපත - ශ්‍රී ලංකාව

වෘත්තිය - ගායනය, ගීතපද රචක, සංගීත අධ්‍යක්ෂක, වාදන ශිල්පී, සිනමා නළු

වාදනභාණ්ඩ - ඩ්‍රම්, ගිටාර්, ඕගනය, කටහඬ සංගීතය

සංගීත ක්ෂේත්‍රයට පැමිණි වර්ෂය - 2011

වෙබ් අඩවිය - www.arjunofficial.com

අර්ජුන් විසින් ගයන කොලවරි ගීතයේ වීඩියෝව

 

ඩිලාන් ක්‍රිෂාන්ත



Recommended Articles