සෙරමික් කෝප්පයට කැටයම් එක්කරන


කලා නිර්මාණ අද වනවිට කිසියම් වූ විශේෂිත ද්‍රව්‍යයක් සඳහා සීමා වී නැති බව අපි දනිමු. ඕනෑම ද්‍රව්‍යයක් භාවිත කරමින් නිර්මාණ කිරීමට අද සිටින නිර්මාණකරුවන් සමත්ය. එවැනි නිර්මාණ කිහිපයක හිමිකාරිණිය ලෙස Katie Marks හැඳින්විය හැකිය. ඇය පිළිබඳ බොහෝ පුවත් අන්තර්ජාලය ඔස්සේ පළවුවද ප්‍රසිද්ධ මාධ්‍ය තුළ ඇය පිළිබඳ සඳහන් වන්නේ ඉතාමත් සුළු වශයෙනි. ඒ ඇය ප්‍රසිද්ධ මාධ්‍යවලට මුහුණදීමට එතරම් කැමැත්තක් නොමැති හෙයිනි.

සිය නිර්මාණ සඳහා ඇය මූලික කරගනු ලබන්නේ සෙරමික් කෝප්ප වර්ගයි. ඇය එම කෝප්ප නිර්මාණ කැටයම් සහ වෙනස් වූ සංකල්පයෙන් යුතු නිර්මාණ ලෙස හැඩගන්වා තිබෙනු දැක ගැනීමට හැකියාව තිබේ. ඇගේ නිර්මාණ අලෙවි වන්නේ අන්තර්ජාලය ඔස්සේය. www.etsy.com/shop/silverliningceramics යන වෙබ් අඩවිය ඔස්සේ කැතීගේ නිර්මාණ මිලදී ගැනීමට හැකියාව තිබේ. ඇය මෙම වෙබ් අඩවියේ මෙම නිර්මාණ අලෙවිය ආරම්භ කර ඇත්තේ  2011 වර්ෂයේ සිටය. 

ඇමෙරිකාවේ වොෂින්ටන්හි පදිංචිව සිටින ඇය සෙරමික් සමග තම නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ 2008 වර්ෂයේදීය. සෙරමික් සමග කටයුතු කිරීමට පෙර ඇය තම නිර්මාණ සිදුකර ඇත්තේ පොලිමර් සමගිනි. ඉන්පසු ඇය සෙරමික් නිර්මාණ පිළිබඳ ඉගෙනගැනීම සඳහා පාඨමාලා හදාරා තිබේ. එමෙන්ම ඇය විශ්වවිද්‍යාලයක් ලෙස සලකනු ලබන ස්ථානයක් තිබේ. ඒ YouTube සමාජ මාධ්‍ය වෙබ් අඩවියයි.

ඇය පාඨමාලා අවසන් කරනවාත් සමගම තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය වැඩිදුර සාධක අන්තර්ජාලය ඔස්සේ  අධ්‍යයනය කළාය. 
ඉන්පසු කැතී 2012 වර්ෂයේදී ඇයගේ මිතුරෙකු වන මැතිව් පැටන් සමග මෙම ක්‍රියාවලිය ආරම්භ කළ අතර, සිය නිර්මාණ ලොවට හඳුන්වාදීමට ඇගේ සමාජ ජාලා වෙබ් අඩවිය භාවිත කිරීමට යොමු වූ බවද සඳහන් වෙයි. සිය නිර්මාණ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ බවත්, ගැණුම්කරුගේ අවශ්‍යතාව අනුව නිර්මාණ සිදු කිරීමට වෙහෙසුණු බවත් ඇය පවසන්නීය. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ලැබෙන ඉල්ලීම් අනුව සිදුකරන නිර්මාණද අලෙවි කරනු ලැබේ. ඒ ආකාරයෙන් සිදුවන ඇතැම් නිර්මාණ අලෙවි වන්නේ ඉතාමත් අධික මිල ගණන් යටතේය.

කෙසේ නමුත් මේ වනවිට බොහෝ වෙබ් අඩවි විසින් විස්මිත නිර්මාණකාරිණියක් ලෙස ඇය හඳුන්වාදෙයි. ඇයගේ නිර්මාණ මේ වනවිට සමාජ වෙබ් අඩවි ඔස්සේද ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වන අතර, ඒ පිළිබඳ  තමන් දැඩි ලෙස සතුටට පත්වන බවද කැතී සඳහන් කරයි.

11222588_776368955795175_5045470460261559777_n 12508740_905215066243896_5407985163195015140_n 16299027_1222225791209487_7112343830403088218_n 16386851_1221538794611520_8731335504633904641_n 16473682_1221539697944763_2461135755268757556_n katie-marks-ceramics-8 katie-marks-ceramics-10 katie-marks-ceramics-32

14517407_1072439902854744_1641668472731909358_n



Recommended Articles