වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස සිට ඉන්පසු එම සංගීත කණ්ඩායමෙන් ඉවත් වූ සෙයින් මලික් අද (29දා) නව ගීතයක් අද එළිදැක්වීය. ‘Pillow talk’ ලෙස නම්කර ඇති මෙම ගීතය අද එළිදැක්වෙන බවට ඔහු සිය ට්විටර් ගිණුම හරහා දන්වා තිබූ අතර, ඒ සඳහා බොහෝ රසික ප්‍රතිචාර හිමිවූ බව සඳහන් වෙයි.
වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමෙන් ඔහු ඉවත් වූයේ පෞද්ගලික ගැටලුවක් මත යැයි විදෙස් මාධ්‍ය ප්‍රචාරය කළද, ඒ සම්බන්ධයෙන් සෙයින් මෙතෙක් කිසිදු අදහසක් දක්වා නැත. කෙසේ වුවද ඔහුගේපළමු ඒකපුද්ගල ගීතය වන්නේද මෙයයි.