සල්මන් ඛාන් අවුරුදු පහක් හිරේට


මීට වසර 13කට පෙරරිය ධාවනය කරමින් සිදු කළ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධව චෝදනා ලබා සිටි සුප්‍රකට බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට අද (06දා) බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවමක් නියම කෙරිණි. ඊට අමතරව, රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය කිරීම හේතුවෙන් ඉන්දියානු රුපියල් 500 ක සහ මාස දෙකක දඬුවමක්ද පනවා තිබේ. මෙම තීන්දුවෙන් පසු අද (06දා) දිනම ඔහු බන්ධනාගාර ගත කෙරුණු අතර, ඔහුගේ නීතිඥයන් පවසන්නේ මෙම  තීන්දුව සම්බන්ධයෙන් හෙට (07දා) මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.



Recommended Articles