'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' චිත්‍රපටයට දිල්ලියේදී සම්මානයක්


දිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උලෙළේ වසරේ හොඳම චිත්‍රපටය ලෙස 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' චිත්‍රපටය සම්මාන හිමිකර ගත්තේය. දිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උලෙළ පසුගිය 21 වැනිදා සිට 27 වැනිදා පැවැතුණි.

චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ නවීන් ගුණරත්න මහතාට ඇගයීමේ සම්මානයත් හිමිව තිබේ. ඉන්දියානු හා ශ්‍රී ලංකා නළු නිළියන්ගේ දායකත්වයෙන් නිර්මාණය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ අතිසාර්ථකව ප්‍රදර්ශනය වූ අතර, එහි මාධ්‍ය අනුග්‍රාහකයා වශයෙන් 'අද' පුවත්පත කටයුතු කරනු ලැබීය.



Recommended Articles