රෙබෙකා නිර්මලී ජීවිතයට සමුදෙයි


ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අද (13 දා) අලුයම් කාලයේ අභාවප‍්‍රාප්ත වූවාය. කාලයක් තිස්සේ පිළිකාවකින් පීඩා විඳමින් සිටි ඇය අද මහරගම පිලිකා රෝහලේදී මිය යන විට වයස අවුරුදු 49 වැනි වියේ වූවාය.

ජයන්ත චන්ද්‍රසිරිගේ 'වෙද හාමිනේ' ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් දැන හඳුනාගත් ප්‍රකට ටෙලි නිළි රෙබෙකා නිර්මලී කලක් අසාධ්‍යව මහරගම පිළිකා රෝහලේ හත්වැනි වාට්ටුවේ ප්‍රතිකාර පසුගිය මාස දෙකක පමණ කාලයක සිට රෝහල්ගතව සිටියාය.

එම කාලය තුළ නිරන්තරයෙන්ම කලා හිතවතුන් එක්රොක් වූ අතර,ඇගේ සුව දුක් නිතර නිතර සොයා බැලිණ.

 

 



Recommended Articles