රූපණ ශිල්පිනියට ලැ‍බෙන අත්දැකීම්වලින් වුණත් මවක‍ගේ චරිතයක් ‍ගොඩනගාගන්න පුළුවන්


‍බොලිවුඩ් නිළි ශ්‍රීදේවි දැන් ‍කොලිවුඩ‍යත් හොලිවුඩයත් ආක්‍රමණය කළ නිළියක් බව කීම අතිශ‍යෝක්තියක් ‍නො‍වේ. තවමත් ‍සිනමා‍වේ ‍යෙ‍දෙන රූපණ ශිල්පිනියක වන ඇය, සිය දියණියන් ‍දෙ‍දෙනා සහ පවුල පිළිබඳව කතාබහ කිරීමට ෆිල්ම්යෝර් සඟරාව සමගින් එක්වන්නේ ‍මෙවන් පසුබිමකය. ඒ ඇ‍ගේ ස්වාමියා වූ ‍බොනී කපූර් නිපැයූ Mom චිත්‍රපටයේ නිකුත් වීමත් සමගයි.

Q රූපණ ශිල්පිනියක් විදිහට ‍Mom චිත්‍රපටයේ මවගේ චරිතය ‍කො‍හොමද දකින්නේ? 

මට නම් මවක් කියන්නේ ඉතා සං‍වේදී චරිතයක්. ඒ නිසා මට ‍නව්සිදීන් සිදික්, අක්ෂේ ඛන්නා ව‍ගේ දක්ෂ රූපණ ශිල්පීන් එක්ක මෙවැනි චරිතයකට දායක ‍වෙන්න අවස්ථාව ලැබීම සතුටක්.

Q මවු පදවිය ලැබීම තුළද එවැනි සං‍වේදී හැඟීම්, චර්යා රටාවන් චරිතායනයට ‍යොදාගන්න අවස්ථාව ලැබු‍ණේ?

ඔව්. හුඟක් උපකාරී වුණා. ඒ නිසා මවක‍ගේ චරිත‍යේ රූපණ‍යේ ‍යෙදීමට මට අමුතු‍වෙන් ආයාසයක් දරන්න අවශ්‍ය වු‍ණේ නැහැ. මම චරිත‍ය සාර්ථක කර ගත්තේ ඊට අනුකූල අවස්ථාව ‍තේරුම් ගැනීම තුළින්. ඒත් රූපණ ශිල්පිනියට ලැ‍බෙන අත්දැකීම්වලින් වුණත් මවක‍ගේ චරිතයක් ‍ගොඩනගාගන්න පුළුවන්. එහි වැරැද්දක් නැහැ.

Q ඔබ මෑතකදී දායක වුණු Mom චිත්‍රපටය තරමක අඳුරු හැඩහුරුකමක් සහිත චිත්‍රපටයක්?

ඒක වරදවා වටහා ගැනීමක්. එවන් චිත්‍රපට වර්ගයක් නැහැ. අපිට අවශ්‍ය ක‍ළේ ඉතා සං‍වේදී පවු‍ලේ චිත්‍රපටයක් ‍ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමටයි. ‍මෙහි වත්මන් සමාජ ප්‍රශ්නයක් පිළිබඳ සාකච්ඡාවකට ‍පෙලඹවීමටත් අපි උත්සාහ කළා. ඒකයි අ‍පේ අරමුණ වු‍‍ණේ.

Q Mom චිත්‍රපටය රූගත‍ වෙන්නේ ‍ජෝර්ජියා‍වේ ඉතා අසීරු කාලගුණික තත්ත්වයන් යට‍තේ. ‍කො‍හොමද ඒ අත්දැකීම?

ඒක ඒ තරම්ම අසීරු කාලගුණයක් නෙ‍මෙයි. අනික එය පැවතු‍ණේ අපි රූගත ක‍ළේ පැත්තට අනික් පැත‍්‍‍තේ. ඒත් අධ්‍යක්ෂ රවි උද්යාවර්ට ඕන වු‍ණා  අන්ධකාරය සහ වලාකුළු සහිත දර්ශන කිහිපයක් රූගත කරන්න. ඒ නිසා අපට පැය ගාණක් ඉර අවරට යනකම් බලා ඉන්න සිදුවුණා. හැබැයි ඉතා දුෂ්කර ඈත ප්‍රදේශයක තමයි රූගත කිරීම් තිබු‍ණේ. ඒ ප්‍රදේශය නම් තරමක් කටුකයි. ආහාර වුණත් එ‍හෙමයි.

අල,මස්, හතු සහ චීස් තමයි අපට කන්න තිබු‍ණේ. අපිට නවතින්න තිබු‍ණේ දුෂ්කර තැනක. මම ඒ කා‍ලේ එළවළු විතරක් කන්න පුරුදු වුණා. ‍මොකද ඒ කා‍ලේ දිගින් දිගටම මම දවස් පහ‍ළොවම කෑ‍වේ හතු. ම‍ගේ දුවලා ‍දෙන්නත් (ජාන්වි සහ කුෂි) මං එක්ක එකතු වුණා ඒ අපූරු ජීවිතයට.‍ මොකද වැඩ කරන්න හි‍තෙන ආකාර‍යේ කාලගුණයක් තමයි තිබු‍ණේ.

Q ස්වාමි‍යෙක් විදිහට ‍බොනී කපූර් ‍කො‍හොමද ඔබට දායකත්වය ‍දෙන්නේ?

ඔහු තවමත් එදා ව‍ගේම කඩවසම්. ඔහු නැත්නම් මම ‍හොඳ මවක් ‍නො‍වෙන්න තිබුණා. ඒ නිසා ‍මේ සියල්ලේම ‍ගෞරවය ඔහුට හිමිවිය යුතුයි. ඔහු තමයි අපි හැ‍මෝ‍ගෙම පරිස්සම ගැන හැම ‍වෙ‍ලේම ‍හොයල බැලු‍වේ. ඔහු තමයි අ‍පේ චිත්‍රපට කණ්ඩායම ගැනත් ‍හොයල බැලු‍වේ. ඒ ව‍ගේම ‍මේ චිත්‍රපටයේ මව‍ගේ දැක්ම ‍ගොඩනැගීමට උදව් උපකාරී වු‍ණේ ‍ඔහු.

Q ඔබ ‍මෙහි වශී කරවන සුලු ආකාර‍යෙන් තමයි චරිත නිරූපණ‍යේ ‍යෙ‍දෙ‍න්නේ?

මනීෂ් මල්හෝත්‍රා තමයි ‍මෙවැනි හැඩයක් ම‍ගේ මූණට ‍ගෙනා‍වේ. ඔහු දන්නවා චරිතයක හැඩරුව. ‍මොකද ඔහු කාලයක් තිස්සේ ‍‍බොලිවුඩ‍යේ සිටින ‍කෙ‍නෙක්. ඉතාම දක්ෂ ‍වේෂනිරූපණ ශිල්පි‍යෙක්. ඉතා දක්ෂ ඇඳුම් නිර්මාණ ශිල්පි‍යෙක්. ඒ නිසා ‍මෙහි වර්ණ සං‍යෝජනය ‍හොඳින් සිදු‍වෙලා ති‍යෙනවා.

Q මවක් විදිහට ඔබ ළමයින් සුරක්ෂිත කළ මවක් කියලා ඔබට හි‍තෙනවාද?

අනිවාර්ය‍යෙන්. මම ම‍ගේ දුවලා ‍දෙන්නා ගැන හැම‍වෙ‍ලේම ‍හොයලා බලනවා. ‍මම ‍කො‍හොමද එ‍හෙම ‍නොබලා ඉන්නේ. 

Q‍ කො‍හොමද ජාන්වි සහ කුෂී සමගින් එකම ආකාරයෙන් ඔබ ජීවිතය ‍බෙදා ගන්නේ?

මම ‍දෙන්නටම හුඟක් සමීපයි. ඔවුන් ඒක දන්නවා. කුෂි හුඟක් ස්වාධීන ‍වෙන්න උත්සාහ කරන ‍කෙ‍නෙක්. ජාන්වි එ‍හෙම නැහැ. ජාන්වි හැමදාම උ‍දෙන් නැගිටිනවා. (සිනා‍සෙමින්) හැබැයි ජාන්වි සහ මම හැම ‍වෙ‍‍ලේම ‍බොනී සහ කුෂීට එ‍රෙහිව පිල් ‍බෙ‍දෙනවා.

Q ජාන්වි දැන් සිනමාවට පිවිසිලා. ‍මොකක්ද ඔබ දුන් අවවාදය?

ඔ‍බේ උපරිමය ලබා‍දෙන්න සහ කැපවී‍මෙන් වැඩ කරන්න කියලා කිව්වා. හදවතින්ම රූපණ‍යේ ‍යෙ‍දෙන්න කියලා මම කිව්වා. ‍මොකද එය ඉතා වැදගත්. ‍ගෞරවාන්විත පුද්ගල‍ෙයකුට විතරයි නළු‍වෙක්/නිළියක් ‍වෙන්න පුළුවන් ‍වෙන්නේ. ඒ නිසා මනුෂ්‍යත්වය ඉතා වැදගත්. සං‍වේදී බව ඉතා වැදගත්. එය ජීවිතයටත් හුඟක් වටින ‍දෙයක්.

Q කුෂී ‍මොනවටද කැමති?

මම තාම බලන් ඉන්නවා ඇයම කියනකම් ඒ ගැන. මට හි‍තෙනවා ඇය ළඟදිම රූපණයට කැමති බව කියයි කියලා. මාව කම්පනය කරයි ඒ ‍මො‍හොත.

Q‍ බොනී කපූර් කිව්වොත් තාම ඔහු හදවතින්ම ඔබට ආද‍රෙයි කියලා ඔබ පිළිගන්නවද?

අනිවාර්ය‍යෙන්ම. ඒක මට සුවි‍ශේෂී ‍මො‍හොතක් ‍වෙයි. ‍මොකද මමත් ඔහුට හදවතින්ම ආදරය කරනවා. හැම දවසකම අ‍පේ ආදරය ලියලනවා. ඒත් හැමතිස්සෙම අපි ආද‍රෙයි කියන වචනය කටපාඩම් කරන්නේ නැහැ.

Q‍ මොකක්ද ඔහු‍ගේ ‍නො‍වෙනස් ‍ වන ගතිගුණය?

ආදරය. ඒ ව‍ගේම ඔහු ඉතාම මහත්මාගති ති‍බෙන ‍කෙ‍නෙක්. සං‍වේදී ‍කෙ‍නෙක්. තාමත් මාව හිනස්සන සුළු චරිතයක්. හැම‍වෙ‍ලේම ඉන්නෙ මං එක්ක. අපි ‍දෙන්නට ‍දෙන්නා නැතුව බැහැ.



Recommended Articles