රජිනකාන්ත් දේශපාලනයට ඒම ගැන තීන්දුව 31 දා


සුපිරි දකුණු ඉන්දීය නළු රජිනකාන්ත් දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර අවස්ථා ගණනාවකදීම දේශපාලනයට පිවිසීම ප්‍රතික්ෂේප කළ ඔහු මේ වනවිට දකුණු ඉන්දියාවේ සිය ප්‍රේක්ෂකයන් හමුවෙමින් සිටියි.

රජිනිකාන්ත් පවසන්නේ දේශපාලනය පිළිබඳ තම ස්ථාවරය එළඹෙන දෙසැම්බර් 31 දා ප්‍රකාශයට පත්කරන බවයි.

 “ මම දේශපාලනයට නවක නෑ. මම 1996 වසරේ සිට දේශපාලනයේ සිටියා. මම කියන්නේ නෑ මම දේශපාලනයට පිවිසෙනවා කියා. ඒ ගැන මගේ ස්ථාවයර දෙසැම්බර් 31 දා ප්‍රකාශයට පත්කරනවා.

මෙහි තිබෙන අමාරුකම් හේතුවෙන් මම දේශපාලයට සම්බන්ධවීමට අකමැත්තක් දැක්වූවා. අප සටනකට යනවා නම් දිනන්න් ඕන. අපිට ඒ සඳහා යාන්ත්‍රණයක් ඕන.” සිය ප්‍රේක්ෂකයන් හමුවේ ඔහු පවසා සිටියි.

1514261761-rajinikanth_fans_meet

 

 



Recommended Articles