මූර්ති කලාවට නව මුහුණුවරක්


නිර්මාණකරණයේ තිබෙන්නා වූ විවිධ වූ පැතිකඩයන් පිළිබඳව විටෙක අපට සිතාගත නොහැකිය. ඒ අතරින් කිසියම් ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් භාවිතයෙන් නිර්මාණයක් ඉදිරිපත් කිරීමට දක්ෂතා ඇති නිර්මාණකරුවන්ද බොහෝ සිටී.'ජෝඩි හාර්වේ' යනු එවැනි දක්ෂතා ඇති සුවිශේෂී වූ නිර්මාණකරුවෙකි. ඇයට අවශ්‍ය වන්නේ ඉවතලන පොතක් පමණි. එය සම්පූර්ණ වශයෙන් නිර්මාණ වස්තුවක් බවට පරිවර්තනය කිරීමට ඇයට ඇති හැකියාව පිළිබඳව අපට කියා පෑමට වචන නොමැත.

5214715_orig

 

'ජෝඩි හාර්වේ' මෙම නිර්මාණයන් හඳුන්වන්නේ ග්‍රන්ථ ප්‍රතිමාකරණය ලෙසයි. පෙනීසිලියාවේ ජීවත් වන ඇය සිය විනෝදාංශය වශයෙන් මෙම නිර්මාණකරණයේ නියැළෙයි. ඇය විසින් ජීවිතයේ හොඳම පැතිකඩ ලෙස දකින්නේ මෙම පරණ පොත් වලින් නිර්මාණය කරන චරිතයන් සඳහා පණ පෙවීමයි. ඇය මෙම පොත් මිලදී ගනු ලබන්නේ පරණ පුස්තකාල වලින් ඉවතලන පොත් හෝ පාවිච්චි කරන ලද පොත් ඇති කඩසාප්පු වලිනි. එම පොත් මගින් විශේෂිත වූ කතාවක් නැවත ගොඩනගන අතර, ඒ සඳහා නව ජීවයක් ඇය විසින් ලබාදෙනු ලබයි. එසේ නැතිනම් එම පොතේ ඇති පිංතූර මගින් නව පින්තූරයක් ගෙන දැක්වීමට ඇයට හැකියාව තිබේ. 

5679079_orig

 

ඊට අමතරව ඇයට පොත් කඩදාසි මගින් විවිධ සත්තු මෙන්ම විවිධ මූර්ති නිර්මාණය කිරීමේ  හැකියාවද ඇති අතර, සෑම නිර්මාණයක් සඳහාම සීමා කිරීමට ඇය උත්සාහ දරයි. ඇයගේ මෙම නිර්මාණයන් අන්තර්ජාලය ඔස්සේ අලෙවි වුවත් එක් නිර්මාණයක් ලබාගත හැකිවන්නේ එක් වතාවක් පමණි.  එයට හේතුව ලෙස ඇය සඳහන් කරන්නේ, එක් නිර්මාණයකට පණදීමට හැක්කේ එක් වතාවකට පමණක් බවයි.

6352843_orig

 

 කෙසේවුවත් ඇයගේ මෙම නිර්මාණයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ ඉහළ තැනක් හිමි වේ. ඇය විනෝදාංශයක් ලෙස පටන්ගෙන ඇති මෙම නිර්මාණ කලාව අද වන විට විශාල ව්‍යාපාරයක් බවට පත්වී හමාරය.

9549461481_4c05b0df9b

3200927_orig

1082110800 1082140307 9549442565_dca021e69e jodiharvey_181 paper-book-sculpture-art-jodi-harvey-brown-9

paper-book-sculptures-jodi-harvey-brown-7 paper-book-sculptures-jodi-harvey-brown-16 Parisian-Bridge

 

 



Recommended Articles