පිඟානටත් කලාවක්


සිතුවම් කලාව ලෝකයේ ඉහළින්ම පිළිගනු ලබන කලාවකි. හැකියාව නොමැති නම් එම කලාවට පිවිසීමට ලොව වෙසෙන කිසිම කෙනෙකුට අවස්ථාවක් නැත. ඒ එහි සාර්ථක වීමට එතරම් අසීරු නිසාවෙනි. ඒ අතරින් තම දක්ෂතාවන් වෙනස්ම ආකාරයෙන් ඉදිරිපත් කරන්නියක ලෙස Jacqueline Poirier හැඳින්විය හැකිය. 

port
 

Jacqueline Poirier යනු ටොරෙන්ටෝහි රිට්ස් කාල්ටන්හි නේවාසික සිත්තරාවකි. ඇගේ සිතුවම් නිර්මාණය වන්නේ කෑම පිඟන් මතය. මැයගේ සිතුවම් නිතර වශයෙන් දැකීමට හැකියාව ඇත්තේ කෑම කාමර, හෝටල්වල සහ අවන්හල් පුරාය.කැනේඩියානු ජාතික ජැකලින් තම දෙමාපියන් නොමැතිව නේවාසිකාගාරයක ජීවත් වූ, බෙහෙවින් දුක් විඳි අයෙකු බව සඳහන් වෙයි. 

oysters

ඇය නිර්මාණය කර ඇති කෑම පිඟන් සිතුවම් සඳහා හෝටල් සහ අවන්හල්වල වෙනම ස්ථානයක් ඇත. මෙවැනි ස්ථානවලට එන උදවිය මේ දේවල් මිලට ගැනීමට පෙළෙඹෙන සේ එම නිර්මාණ සකසා තිබේ. මෙවැනි නිර්මාණ බොහෝ සේ මිලට ගනු ලබන්නේ විදේශිකයන් වීම තවත් විශේෂත්වයකි. ඔවුන්ට තමන් පැමිණි අවන්හලේ, හෝටලයේ හෝ ආපන ශාලාවේ මතකය තබාගැනීමට හැකිවන සේ මෙම නිර්මාණ සකසා තිබීම තවත් විශේෂත්වයකි.

l_10488_Plates--1

Jacqueline Poirier ට ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උලෙළ වෙනුවෙන්ද නිර්මාණ කිරීමට අවස්ථාව හිමි විය. ඒ ඇය ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උලෙළ වෙනුවෙන් සමරු ඵලකයක් සිතුවම් කිරීම නිසාය. එහිදී ලබාදුන් සම්මානයට අමතරව Jacqueline Poirier විසින් සිතුවම් කරන ලද පිඟන් වැනි සමරු ඵලකයක්ද ලබාදෙනු ලැබිණි.

jacqueline-poirier-plates-korean

ඊට අමතරව ඇය තම නිර්මාණ අලෙවි කිරීමට වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ. එමෙන්ම ඇයගේ නිර්මාණ පිළිබඳව විදෙස් වෙබ් අඩවි මෙන්ම සඟරාවලද මැය වෙනුවෙන් බොහෝ ඉඩකඩ වෙන් කෙරුණු බවද සඳහන් වෙයි. හැකියාවන් ඇති අය ලෝකයේ කොහේ සිටියත්, යම් දිනකදී තම හැකියාවන් ලොවටම පෙන්වන බව Jacqueline Poirier නිරන්තරයෙන් සඳහන් කරන කාරණාවකි.

jacqueline-poirier-painting-on-a-plate

00565fdf-6e5f-484a-99fe-b59391ebc852_1640

173830691Adorable_Portraits_of_Famous_Movie_Characters_Painted_on_Plates_by_Jacqueline_Poirier_2015_02Anthony-HopkinsCaptura-de-pantalla-2015-06-22-a-las-11.44Crazy-Plates-lady-6d1109219-(1)Hand-Painted-Plate-Art-by-Jacqueline-Poirier-03

 

 
 
 
 
 


Recommended Articles