නිරූපණයේ යෙදෙන තරුණියන් දිහා බලන්නේ වැරදි කෝණයකින්


තවමත් අධ්‍යාපනය ලබමින් සිටින ඇය නිරූපණ ක්ෂේත්‍රයට එක්වී  ඉතාමත් කෙටි කාලයක් තුළ වෙළෙඳ දැන්වීම් සඳහාද දායක වීමට අවස්ථාව උදාකර ගත්තාය. ඇය නමින් චලනි නිසංසලා වන අතර, විලාසිතා ක්ෂේත්‍රය තුළ තමන්ගේම වෙළෙඳ නාමයක් ප්‍රචලිත කිරීම ඇගේ සිහිනයයි. මේ ඇය %අද^ සමග කරනු ලැබූ කතාබහයි.

VI3A5297

Q මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම චලනි නිසංසලා. මගේ ගම මැල්සිරිපුර. දැනට පදිංචි වෙලා ඉන්න තලවතුගොඩ. 

Q ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?

තාම ඉගෙන ගන්නවා.

Q අධ්‍යාපනයේ යෙදෙන ගමන් නිරූපණය කරන්න ගෙදරින් අවස්ථාව ලබාදුන්නාද?

ඇත්තටම ඔව්. ගෙදර අයගෙන් සහයෝගය ලැබෙනවා. තාත්තා තමයි මගේ ලොකුම හයිය. මොකද එයා කියන්නේ කරන ඕනෑම දෙයක් හරි විදිහට නරක පාරේ යන්නේ නැතුව කරන්න කියලයි. තාත්තා තමයි මට හරි වැරදි පාරවල් කියලා දෙන්නේ. මුලදිනම් අම්මත් අකමැති වුණා. දැන්නම් ප්‍රශ්නයක් නැහැ.

Q නරක පාර කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද? නිරූපණය තුළ නරක පාරක් තියෙනවාද?

නිරූපණය පිළිබඳව සමාජය තුළ තියෙන්නේ වැරදි මතයක්. බොහෝ පුද්ගලයන් නිරූපණය කරන තරුණියන් දිහා බලන්නේ වැරදි කෝණයකින්. ඒ හේතුව නිසාම අමුතු මානසිකත්වයක් තියෙන මිනිස්සු ඒ තුළින් වැරදි ප්‍රයෝජන ලබාගන්න උත්සාහ කරනවා. හරි වැරිදි දේ තෝරා බේරගෙන වැඩකටයුතු කරන එක තමන් සතු දෙයක්. හැමදේම සිදුවෙන්නේ තනි පුද්ගලයෙකුගේ තීරණයක් මත. ඒක ක්ෂේත්‍රයේ වැරැද්ද නෙමෙයි. නමුත් ක්ෂේත්‍රයේ නමයි කැත වෙන්නේ.

VI3A5312

Q නිරූපණය සහ නිරූපණය ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් තියෙනවාද?

මං නිරූපණයට එකතු වෙන්නෙ 2016 අයිටීඑන් අවුරුදු කුමරිය තරගයේ අවසාන 15දෙනාට තේරීමත් සමගය. එතනදි තමයි මම පළවෙනියෙන්ම නිරූපණය පිළිබඳව හදාරන්නේ. ඒ පූර්ණිමා මුහන්දිරම් මිස්ගෙන්. ඉන්පසුව නිලූ සේනානායක මිස්ගෙන් (හිටපු ආසියානු විවාහක රූ රැජින) හා අර්ජුන සේනානායක සර්ගෙන් නිරූපණය පිළිබඳව හැදෑරීමක් ලැබුවා. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව අවබෝධයක්, ඉගෙනීමක් නැතුව පටන්ගන්න දේවල් ඉක්මනින් අවසන් වෙනවා කියල මම විශ්වාස කරනවා. ඒ නිසා නිරූපණය පිළිබඳව මං හදාරනවා. ක්ෂේත්‍රය පිළිබඳවත් ඇත්තටම මම හොඳ අවබෝධයකින් තමයි වැඩ කරන්නේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිළිබඳව වගේම ක්ෂේත්‍රයේ අලුත් වැඩකටයුතු පිළිබඳවත් සොයා බලනවා.

Q නිරූපණයෙන් දායක වූ වැඩ තිබෙනවාද?

ඔව්, මම ක්ෂේත්‍රයට තාම අලුත්. මම අලුතින් වෙළෙඳ දැන්වීම් දෙකක් සඳහා දායක වුණා. ඒ වගේම ෆැෂන් ෂෝ, බ්‍රයිඩ්ල් ෂෝ, ෆොටෝ ෂූට් කරලා තියෙනවා. තව බාරගත්ත වැඩ කිහිපයකුත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

Q ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් හෙමින් හෙමින්. හදිස්සියේ දුවලා හති වැටෙන්න ආස නැහැ මං. ඒ වගේම විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ මගේම වෙළෙඳ නාමයක් වන 'loretho'  හැමෝම කැමති වෙළෙඳ නාමයක් බවට පත්කරන්න බලාපොරොත්තු වෙනවා. තාම අධ්‍යාපන කටයුතු කරගෙන යන නිසා ඒ සම්බන්ධ කටයුතු තව අවුරුද්දක් විතර පහුවෙයි. අනාගතයේදී රංගන ක්ෂේත්‍රයටත් එක්වීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේත් දැන්ම නෙමෙයි

Q කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මගේ තාත්තයි, අම්මයි. දුක් මහන්සිවෙලා අද මට මගේම දෙයක් කරගන්න පුළුවන් තැනට ගෙනාවේ ඒ දෙන්නා. මගේ ආච්චි, මගේ නෑදෑයෝ, මගේ යාළුවෝ හැමෝමත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම මගේ හොඳම යෙහෙළිය හැමදේකදිම මාත් එක්ක හිටියා. එයාගෙ නම ගයානි. පූර්ණි මිස්, නිලූ මිස් හා අර්ජුන සර් ඇතුළු මගේ ගුරුවරු, ජයම්පති සර්, නලීන් සර්, නම් කියපු නොකියපු හැමෝම මං මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා.

VI3A5295  VI3A5305  VI3A5317 VI3A5318 VI3A5319 VI3A5330 VI3A5337 VI3A5368 VI3A5376

ඡායාරූප - කවීත් මිලින්ද

 

 



Recommended Articles